ට්විටර්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ට්විටර්
Twitter
Twitter 2010 logo.svg
Twitter home page
වර්ගයPrivate
ස්ථාපිත කළේසැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝනියා, එක්සත් ජනපදය
ප්‍රධාන කාර්යාලය795 Folsom Street, Suite 600, San Francisco, CA 94107, United States[1]
සේවා සැපයුම් ප්‍රදේශලොව පුරා
ආරම්භකයා/යන්Jack Dorsey
Evan Williams
Biz Stone
ප්‍රධානීන්Jack Dorsey (Chairman)
Dick Costolo (Chief Executive Officer)
Evan Williams (Product Strategy)
Biz Stone (Creative Director)
ආදායම්Increase US $150 million (projected 2010)[2]
සේවකයන්351 (2010)[3]
සමාගමේ පාඨය(න්)"What's happening?"
වෙබ් අඩවියtwitter.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම9 (February 2011)[4]
වෙබ් අඩවියේ
වර්ගය
Mobile social-network service, microblogging
ලියාපදිංචියRequired (to post)
පරිශීලකයන්190 million (accounts, not visitors) (8 ජූලි 2010 වන විට[5][6][පැහැදීම ඇවැසිය]
භාෂාවන්Multilingual, including English, Spanish, Japanese, Korean, German, French and Italian
දියත් කළේ2006 ජුලි 15[7]
දැනට තත්ත්වයසක්‍රීය

ට්විටර් (Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන ) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ.


අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්. මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක් පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග් වෙති.

ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්, මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.


ටිවිටර් යනු නොමිලයේ ලබා දෙන සිත් ඇද ගන්නා සුලු වෙබ් සේවයකි. එය නෑදෑ හිත මිතුරන් සමග තමාගේ අදහස් හුවමාරු කර ගැනිමට කදිම අවස්ථාවකි.මෙහිදී බ්ලොගිං කටයුතු කළ හැක්කේ වචන 100 කින් පමණි.මේවා හදුන්වන්නේ ට්වීට්ස් යනුවෙනි. දැනට තිබෙන අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම වර්ගයේ ජංගම දුරකථනයකින් වුවද ට්විටර් හා සම්බන්ධ වීමට පුලුවන්. මෙහිදී මයික්‍රොලොබින් ලිවීමටත් ට්වීට්ස් කියවන්නටත් පුලුවන්.


ටිවිටර් ඉතිහාසය[සංස්කරණය]

ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.......


ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නම යෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරාව දාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.

නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි.

ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 කි

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Contact Us". Archived from the original on 2012-05-30.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NYT-Twitter Hacked නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "Press Info", Twitter. Retrieved December 15, 2010.
  4. "twitter.com – Traffic Details from Alexa". Alexa Internet. Retrieved February 7, 2011.
  5. Schonfeld, Erick (July 8, 2010). "Costolo: Twitter Now Has 190 Million Users Tweeting 65 Million Times a Day". TechCrunch. Retrieved February 4, 2011.
  6. "Big Goals, Big Game, Big Records". blog.twitter.com. 18 June 2010. Retrieved 4 August 2010.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; launch නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ට්විටර්&oldid=436452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි